Watch : ජොන්ටි රෝඩ්ස් සචින්ට වදිමින් ආචාර කිරීමට උත්සාහ කළ අයුරු

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා පංජාබ් කිංග්ස් කණ්ඩායම අතර මෙවර ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලිය යටතේ ඊයේ(13) පැවැති තරගයේ දී වූ සුවිශේෂී සිදු වීමක් වෙත මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
මෙම තරගයෙන් පංජාබ් කණ්ඩායම ලකුණු 12ක ජයක් වාර්තා කළ අතර, මෙය මුම්බායි පිල මෙවර තරගාවලියේ දී අඛණ්ඩ ලැබූ 5 වැනි පරාජයයි.
තරගයෙන් අනතුරුව සුපුරුදු පරිදි කණ්ඩායම් දෙකේ ක්රීඩකයින් හා පුහුණු කාර්යය මණ්ඩල සාමාජිකයින් අතට අත දෙමින් එකිනෙකාට ආචාර කිරීම සිදු කළා.
එම අවස්ථාවේ දී පංජාබ් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ජොන්ටි රෝඩ්ස් සිදු කළ ක්රියාවක් වෙතයි මේ වන විට බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ.
ජොන්ටි රෝඩ්ස් විසින් මුම්බායි කණ්ඩායමේ උපදේශක සචින් ටෙන්ඩුල්කාර්ට අතට අත දීමට අමතරව ඔහුගේ පාදය ද ස්පර්ශ කරමින් සචින්ට ආචාර කිරීමට උත්සාහ කරනු ලැබුවා.
කෙසේ වෙතත්, සචින් විසින් ඔහුව එම ක්රියාව සිදු කිරීමෙන් වළක්වා ගැනීමට දැඩි උත්සාහයක නිරත වීම බොහෝ දෙනෙකුගේ සිනහවට ද ලක් වූ අවස්ථාවක් බවට පත් වුණා.
එම සිදුවීමට අදාළ දර්ශන පහතින් –
i missed this last night why is he like this😭 pic.twitter.com/AnlnoyZgOp
— m. (@idyyllliic) April 14, 2022