Watch : ගුජරාට් අසරණ කළ භානුකගේ සුපිරි ඉනිම – 40(28)

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී දක්ෂතා දක්වන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් අතරින් ඉදිරියෙන්ම පසුවන ක්‍රීඩකයෙකු ලෙස පංජාබ් කිංග්ස් කණ්ඩායමේ භානුක රාජපක්ෂ හැදින්විය හැකියි.
තරගාවලිය ආරම්භයේ සිටම තමාට ලද බොහෝ අවස්ථාවලදී සාර්ථකව කණ්ඩායම වෙනුවෙන් ඉහළම දායකත්වයක් දැක්වීමට භානුකට හැකි වුණා.
අද(3) ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයේ දී ද විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කිරීමට භානුක සමත් වුණේ තරගය ජය ගැනීම සදහා පංජාබ් කණ්ඩායමට අවශ්‍ය මග ද සකස් කරමින්.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ගුජරාට් කණ්ඩායම මෙම තරගයේ දී කඩුලු 8ක් දැවී ලකුණු 143ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කණ්ඩායම පන්දුවාර 16ක් අවසානයේ දී කඩුලු 2ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
ඒ, ශිකර් ධවාන්ගේ නොදැවුණු ලකුණු 62න් ද ශක්තිමත් වෙමින්.
පංජාබ් ඉනිම ශක්තිමත් කළ භානුක රාජපක්ෂ පන්දු 28කින් ලකුණු 40ක් රැස් කළා.
ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 5ක් ඇතුළත්.
— cric fun (@cric12222) May 3, 2022