Watch : කාර්තික් – සිරාජ් එකට ගැටුණු ගිලිහී ගිය උඩ පන්දුව
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය අද (2) රාත්‍රී 7:30 ට බැංගලූරුහී දී ආරම්භ වුණා.
ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතරයි.
තරගයේ කාසියේ වාසිය දිනූ බැංගලෝර් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.
ඒ අනුව මුම්බායි ඉනිම ආරම්භ කළේ රෝහිත් ෂර්මා සමගින් ඉෂාන් කිෂන්.
ඉෂාන් ලකුණු දහයකට දැවී ගියා. කැමරන් ග්‍රීන් ලබා ගත්තේ ලකුණු පහක් පමණයි. නායක රෝහිත් ෂර්මා එක් ලකුණකට දැවී ගියා.
ෂර්මා දැවී ගිය පන්දු වාරයට පෙර පන්දුවාරයේදී ඔහු ලබා දුන් උඩ පන්දුවක් රැක ගැනීමට ගත් උත්සාහයකදී කඩුලු රකින ක්‍රීඩක දිනේෂ් කාර්තික් හා පන්දු යැවූ මොහමඩ් සිරාජ් අතර ගැටීමක් සිදු වුණා.
දෙදෙනා අතර සිදුවූ වූ ගැටීම හේතුවෙන් උඩපන්දුව රැක ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.
දර්ශන පහතින් නරඹන්න –
— CricDaily24 (@cricday96) April 2, 2023