Ultimate magazine theme for WordPress.

Watch : කවාජා දවා ගන්න මැට් හෙන්රි යොමු කළ සුපිරි පන්දුව

ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය වූ අද (29) දිනයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් ආරම්භක පිතිකරු උස්මාන් කවාජාගේ කඩුල්ල දවා ගැනීමට නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක මැට් හෙන්රි සමත් වුණා.

විශිෂ්ඨ ලෙස පන්දුව දෝලනය කරමින් යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි කවාජා දැවී ගියේ.

දැවී යන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 33 ක්.