Ultimate magazine theme for WordPress.

Watch : කඩුල්ල පිටුපස සිට අසාම් ඛාන් රැක ගත් සුපිරි උඩ පන්දුව

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 9 වැනි තරගයේ දී විශිෂ්ට උඩ පන්දුවක් රැක ගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක අසාම් ඛාන් සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ ආ මෙම තරගයේ දී ගාලු කණ්ඩායමේ ප්‍රතිවාදීන් වූයේ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 153 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී ෆැල්කන්ස් කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ඇන්ඩ්‍රි ෆ්ලෙචර් දවා ගැනීම සදහායි අසාම් ඛාන් මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ.

ඒ, නුවන් තුෂාර යොමු කළ පන්දුවක් හමුවේයි. ඇන්ඩ්‍රි ෆ්ලෙචර් මෙම ඉනිමේ දී රැස් කළේ ලකුණු 8 ක් පමණයි.

අසාම් ඛාන් මෙවර තරගාවලිය පුරාවටම පිතිකරණයෙන් දක්ෂතා දැක්වීමට අසමත්ව ඇති පසුබිමකයි ඔහු මෙම සුපිරි උඩ පන්දුව රැක ගනු ලැබුවේ.