Ultimate magazine theme for WordPress.

Watch : අසිතගේ පන්දු 3ක් තුළ ශකිබ් හා ලිටොන් දැවී ගිය හැටි

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වන අද (1) දිනයේ දී බංග්ලාදේශ පළමු ඉනිමේ ප්‍රධාන කඩුලු දෙකක් එක් පන්දුවාරයකදී දවා ගැනීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු සමත් වුණා.

බංග්ලාදේශ ඉනිමේ 45 වැනි පන්දුවාරයේ දී ඔහුගේ පන්දු හමුවේ එලෙස දැවී ගියේ ශකිබ් අල් හසාන් හා ලිටොන් දාස්.

ශකිබ් ලකුණු 15 ක් ලබා සිටියදී දැවී ගිය අතර, අනතුරුව පිටියට පිවිසි ලිටොන් දාස් රැස් කළේ ලකුණු 4 ක් පමණයි.

ශකිබ් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියා. ලිටොන් දැවී ගියේ කඩුලු රකින ක්‍රීඩක කුසල් මෙන්ඩිස් අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

බංග්ලාදේශ පළමු ඉනිමේ පස්වැනි හා 6 වැනි කඩුලු ලෙසයි ඔවුන් දෙදෙනා දැවී ගියේ.

Leave a comment