Ultimate magazine theme for WordPress.

Watch : 4,6,4,4,6 – ඉනිමේ අවසන් පන්දුවාරයට අභිෂේක් ගහපු ලකුණු 25

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ දී වේගවත් ඉනිමක් ක්‍රීඩා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ අභිෂේක් පොරෙල් අද(23) සමත් වුණා.

පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව මුල්ලන්පූර්හී දී ආරම්භ වූ මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් දිල්ලි ඉනිම වෙනුවෙනුයි ඔහු මෙම සුවිශේෂී ඉනිම ක්‍රීඩා කළේ.

ඔහු මෙම තරගය සදහා වන පළමු 11 දෙනා අතරට ඇතුළත්ව නොසිටි අතර, Impact Player ලෙසයි ඔහු කඩුලු 7 ක් දැවී ගිය පසු පිටියට පිවිසියේ.

ඉනිමේ අවසන් පන්දුවාරයේ දී ඔහු හර්ෂාල් පටෙල්ට එරෙහිව ලකුණු 25 ක් රැස් කිරීමට සමත් වීම කැපී පෙනුණා.

එම පන්දුවාරයේ දී ඔහු හයේ පහර 2ක් හා හතරේ පහර 3ක් එල්ල කරමින් දිල්ලි පිල ලකුණු 170 සීමාව පසු කර රැගෙන යාමට සමත් වුණා.

මෙම ඉනිමේ දී අභිෂේක් පොරෙල් පන්දු 10 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 32 ක්.

අවසන් පන්දුවාරයේ දර්ශන පහතින් –

Leave a comment