Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරග කාලසටහන නිවේදනය කෙරේ ; සියලු තරග කොළඹට

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(12) නිවේදනය කළා.

සීමිත පන්දුවාර තරගාවලි දෙකක් ක්‍රීඩා කිරීම සදහා සිම්බාබ්වේ කණ්ඩායම මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ ලබන ජනවාරි මාසයේ දී යි.

තරග සංචාරයේ දී දෙරට අතර එක්දින තරග 3ක් හා 20යි 20 තරග 3 ක් පැවැත්වීමට නියමිතයි.

2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකාවට තවත් 20යි 20 තරග 9ක් ඉතිරිව ඇති අතර, ඉන් තරග 3ක් මෙලෙස සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා-සිම්බාබ්වේ එක්දින තරගාවලිය ජනවාරි 6 වැනිදා ද, 20යි 20 තරගාවලිය ජනවාරි 14 වැනිදා ද ආරම්භ වීමට නියමිතයි.

සියලු තරග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ.

තරග සංචාරය ආරම්භ කරමින් සිම්බාබ්වේ කණ්ඩායම ජනවාරි 3 වැනිදා දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

SLC

 

 

Leave a comment