නායකත්වයත් නැති වූ පාන්ඩ්යා දික්කසාදය නිවේදනය කරයි

ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්ඩික් පාන්ඩ්යා හා ඔහුගේ බිරිද වන රංගන ශිල්පිනී Natasa Stankovic දික්කසාද වීමට තීරණය කර තිබෙනවා.
ඔවුන් අද(18) සිය සමාජ මාධ්‍ය ගිණුම්හි සටහනක් තබමින් මේ බව නිවේදනය කළා.
හර්ඩික් පාන්ඩ්යා හා Natasa Stankovic 2020 වසරේ මැයි මාසයේ දී විවාහ වූයේ කොවිඩ් 19 වසංගත තත්ත්වය මැදයි.
වසර 4ක කාලයක් විවාහ වී සිටි ඔවුන් දෙදෙනාට වසර තුනක පුත්‍රයෙකු ද සිටිනවා.
හර්ඩික් පාන්ඩ්යා සිය දික්කසාදය නිවේදනය කළේ ඉන්දීය කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සදහා වන ඉන්දීය සංචිත නිවේදනය කළ දිනයේ දී ම වීම ද විශේෂත්වයක්.
මෙතෙක් ඉන්දීය විස්සයි 20 කණ්ඩායමේ උප නායකයා ලෙසත්, ඇතැම් තරගාවලියන්හී දී වැඩබලන නායකයා ලෙසත් කටයුතු කළ ඔහුට ඉන්දීය කණ්ඩායමේ මීළග නායකත්වය ලැබෙනු ඇති බවට බොහෝ දෙනා විශ්වාස කළ නමුත්, නායකත්වය ඔහුට ලබා නොදී එය සූර්යකුමාර් යාදව්ට ලබා දීමටයි ඉන්දීය තේරීම් කමිටුව අද තීරණය කළේ.
කෙසේ වෙතත්, ඔහු ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි 20 තරගාවලිය සදහා ඇතුළත් අතර, එක්දින තරගාවලිය සදහා ක්‍රීඩා කරන්නේ නැහැ.
View this post on Instagram