Ultimate magazine theme for WordPress.

20යි 20 පන්දු යවන්නන් හා එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ යළි වෙනස් වෙයි

අයි.සී.සී පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානය හිමි කර ගැනීමට එංගලන්තයේ අඩිල් රෂීඩ් (ශ්‍රේණිගත ලකුණු 715) සමත්ව තිබෙනවා.

ඒ, මෙතෙක් එහි පෙරමුණේ පසු වූ ඉන්දියාවේ රවී බිෂ්නෝයි (685) තෙවැනි ස්ථානයට ඇදදමමින්.

එහි දෙවැනි ස්ථානය රෂීඩ් ඛාන්ට (692) ද, සිව්වැනි හා පස්වැනි ස්ථාන පිළිවෙලින් වනිදු හසරංගට (679) හා මහීෂ් තීක්ෂණට(677) ද හිමිව තිබෙනවා.

කොදෙව් සංචාරයේ දී දැක් වූ දක්ෂතා හේතුවෙනුයි අඩිල් රෂීඩ් 20යි 20 පන්දු යවන්නන් අතර ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට සමත්ව ඇත්තේ.

20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට පත් වූ දෙවැනි එංගලන්ත පන්දු යවන්නා වන්නේ ඔහුයි. මීට පෙර දග පන්දු යවන ක්‍රීඩක ග්‍රෑම් ස්වාන් එහි පෙරමුණ හිමි කර ගෙන තිබුණා.

20යි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි තවදුරටත් පෙරමුණේ පසුවන්නේ ඉන්දියාවේ සූර්යකුමාර් යාදව්.

මේ අතර, එක්දින පිතිකරුවන් අතර පළමු ස්ථානය යළි පාකිස්තානයේ බාබර් අසාම්ට (824) හිමිව තිබෙනවා.

ඒ, මෙතෙක් පළමු ස්ථානයේ පසු වූ ඉන්දියාවේ ෂුබ්මන් ගිල් (810) දෙවැනි ස්ථානයට ඇදදමමින්.