Ultimate magazine theme for WordPress.

ක්‍රීඩා ඇමතිගෙන් අභියාචනාධිකරණයට මෝසමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු වෙනුවෙන් පත් කෙරුණු අතුරු කමිටුවේ කටයුතු අත්හිටුවමින් පසුගියදා අභියචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද(13) සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණය හමුවේ විරෝධතාවයක් ගොණු කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ගොණු කළ පෙත්සමක් සලකා බැලීමෙන් පසුවයි අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් පත් කෙරුණු අතුරු කමිටුවේ කටයුතු සහ ඊට අදාළ ගැසට් නිවේදනය අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින් පසුගිය 7 වැනිදා අතුරු තහනම් නියෝගය නිකුත් කළේ.

දින 14 ක කාලයක් සදහා වලංගු වන පරිදි අදාළ අතුරු තහනම් නියෝගය නිකුත් කර තිබෙනවා.

එම අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අද දිනයේ දී මෙම මෝසම ඉදිරිපත් කර ඇති බව සදහන්.