Watch : වෝනර් දවා ගන්න පතිරණ රැක ගත් සුපිරි උඩ පන්දුව

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 13 වැනි තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ශ්‍රී ලංකා ක්‍රීඩක මතීෂ පතිරණ අද(31) සමත් වුණා.
විසාකාපට්නම් හී දී ආරම්භ වූ මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි.
තරගයේ කාසියේ වාසිය දිනූ කැපිටල්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
දිල්ලි ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් දවා ගැනීම සදහායි මතීෂ පතිරණ එක් අතකින් මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ.
ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඔහු දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 52 ක්.
දර්ශන පහතින් –