Ultimate magazine theme for WordPress.

කැපිටල්ස් කණ්ඩායමට ලකුණු 7ක ජයක්

Match Report

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 34 වැනි තරගයෙන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම පරදා ලකුණු 7 ක තියුණු ජයක් වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අද සමත් වුණා.

හයිදරාබාද් හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 145 ක ඉලක්කයක් හඹා ගිය සන්රයිසස් කණ්ඩායමට කඩුලු 6ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 137 ක් පමණයි.

හැරී බෘෘක් ලකුණු 7කට දැවී ගිය අතර, මයාන්ක් අගාර්වල් ලකුණු 49 ක් රැස් කළා. රාහුල් ත්‍රිපාති ලකුණු 15 යි. අභිෂේක් ෂර්මා රැස් කළේ ලකුණු 5 ක් පමණයි.

නායක ඒඩ්න් මාක්‍රම් ලකුණු 3කටත්, හෙන්රික් ක්ලාසන් ලකුණු 31කටත් දැවී ගියා.

වොෂින්ටන් සුන්දර් නොදැවී ලකුණු 24 යි.

පන්දු යැවීමේ දී අන්රික් නොකියා හා අක්සාර් පටෙල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 144 ක් ලබා ගත්තේ කඩුලු 9ක් දැවී සිටියදීයි.

මනීෂ් පාන්ඩේ හා අක්සාර් පටෙල් ලකුණු 34 බැගින් රැස් කළා. මිචෙල් මාෂ් ලකුණු 25 යි. නායක ඩේවිඩ් වෝනර් ලකුණු 21 කට දැවී ගියා.

ඉනිමේ 8 වැනි පන්දුවාරයේ දී ඩේවිඩ් වෝනර්, සර්ෆරාස් ඛාන් (ලකුණු 10) හා අමාන් හකීම් (ලකුණු 4) දවා ගැනීමට වොෂින්ටන් සුන්දර් සමත් වීම කැපී පෙනුණා. ඔහුට අමතරව බුවනේෂ්වර් කුමාර් ලකුණු 11 කට කඩුලු 2 ක් දවා ගත්තා.