Ultimate magazine theme for WordPress.

ලෝක වාර්තාවක් පිහිට වූ Fraser-McGurk ඔස්ට්‍රේලියානු එක්දින සංචිතයට නම් කෙරේ

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතයට වෙනස්කම් කිහිපයක් සිදු කර තිබෙනවා.

ඒ අනුව සංචිතය සදහා මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති Jake Fraser-McGurk හා Xavier Bartlett නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

පසුගිය ඔක්තෝබර් මාසයේ දී Marsh Cup තරගාවලියේ දී Fraser-McGurk ලෝක වාර්තාවක් පිහිටුවමින් පන්දු 29 කින් ශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.

ග්ලේන් මැක්ස්වෙල් මෙම තරගාවලියෙන් විවේක ගන්වා ඇති අතර, ආබාධයක් හේතුවෙන් ජායි රිචර්ඩ්සන්ට මෙම තරගාවලිය අහිමි වී තිබෙනවා.

ඩේවිඩ් වෝනර් විශ්‍රාම ගැනීම හේතුවෙන් ඉනිම ආරම්භ කිරීමේ වගකීම මැට් ශෝර්ට්ට පැවරී තිබෙනවා. කණ්ඩායමේ මර්කස් ස්ටොයිනිස්ගේ ස්ථානය Aaron Hardie ට හිමි වනු ඇති. ඒ, මර්කස් ස්ටොයිනිස් සංචිතයෙන් ඉවත් කිරීමට ගත් තීරණය හේතුවෙන්.

ලාන්ස් මොරිස් මෙම තරගාවලියේ දී එක්දින වරම් දිනා ගැනීමට ද නියමිතව තිබෙනවා.

පැට් කමින්ස්, ජොෂ් හේසල්වුඩ් හා මිචෙල් ස්ටක් මෙන්ම මිචෙල් මාෂ් ද එක්දින තරගාවලියෙන් විවේක ගැන්වීමටයි පියවර ගෙන ඇත්තේ. කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ ස්ටීවන් ස්මිත්.

එක්දින තරගාවලිය පෙබරවාරි දෙවැනිදා මෙල්බර්න් හී දී ආරම්භ වීමට නියමිත අතර, දෙවැනි හා තෙවැනි තරග සිඩ්නි හා කැන්බරා හී දී පැවැත්වීමට නියමිතයි.

Australia ODI squad:

Steve Smith (c), Travis Head (vc), Sean Abbott, Xavier Bartlett, Nathan Ellis, Jake Fraser-McGurk, Cameron Green, Aaron Hardie, Josh Inglis, Marnus Labuschagne, Lance Morris, Matt Short, Adam Zampa

West Indies ODI squad:

Shai Hope (c), Alzarri Joseph, Alick Athanaze, Teddy Bishop, Keacy Carty, Roston Chase, Matthew Forde, Justin Greaves, Kavem Hodge, Tevin Imlach, Gudakesh Motie, Kjorn Ottley, Romario Shepherd, Oshane Thomas, Hayden Walsh Jr.

Schedule :

  • February 2: MCG
  • February 4: SCG
  • February 6: Manuka Oval, Canberra