ඉන්දු – ශ්‍රී ලංකා තරග කාලසටහන නිවේදනය කෙරේ

ඉන්දීය කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(11) පස්වරුවේ නිවේදනය කළා.
මෙම සංචාරයට විස්සයි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් ඇතුළත් බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
විස්සයි 20 තරගාවලිය ජූලි 26 වැනිදා ආරම්භ වන අතර, එක්දින තරගාවලිය ආරම්භ වන්නේ අගෝස්තු පළමු වැනිදායි.
විස්සයි 20 තරග තුන පිළිවෙලින් ජූලි 26, 27 හා 29 යන දිනවලදී මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එක්දින තරගාවලියේ තරග තුන අගෝස්තු 1, 4 හා 7 යන දිනවලදී පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී යි.
තරග සංචාරය ආරම්භ කරමින් ඉන්දීය කණ්ඩායම එළඹෙන 22 වැනිදා මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.