ආසියානු යොවුන් ශූරතාවය බංග්ලාදේශයට
Match Report

ආසියානු යොවුන් කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අද(17) සමත් වුණා.
ඒ, ඩුබායි හී දී පැවැති අවසන් මහා තරගයෙන් එක්සත් අරාබි එමීර් රාජ්ය යොවුන් කණ්ඩායම ලකුණු 195 කින් පරාජයට පත් කරමින්.
පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය කඩුලු 8ක් දැවී ලකුණු 282 ක් ලබා ගත්තා.
Ashiqur Rahman Shibli ලකුණු 129 ක් රැස් කළ අතර, Chowdhur Md Rizwan ලකුණු 60 කට දැවී ගියා.
පන්දු යැවීමේ දී Ayman Ahamed ලකුණු 52 කට කඩුලු 4 ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ එමීර් රාජ්ය යොවුන් කණ්ඩායමට පන්දුවාර 24.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 87 ක් පමණයි.
Dhruv Parashar නොදැවී ලකුණු 25 ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී බංග්ලාදේශය වෙනුවෙන් Maruf Mridha හා Rohanat Doullah Borson කඩුලු 3 බැගින් බිද හෙලුවා.