Ultimate magazine theme for WordPress.

අයි.සී.සීයට වැරදුණා ද? නිදහස් පහරේ නීති සංශෝදනය අයි.සී.සීය හකුලා ගනියි

නිපන්දුවකින් පසුව ලබා දෙන නිදහස් පහරට (Free Hit) අදාළ නීතියක් සංශෝදනය කිරීමට පියවර ගත් බවට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) සිදු කළ ප්‍රකාශය මේ වන විට ව්‍යාකූලත්වයක් ඇති කර තිබෙනවා.

ඒ, අයි.සී.සීය විසින් තමන් පල කළ පුවතේ නිදහස් පහරට අදාළ නීතියක් සංශෝදනය කිරීමට පියවර ගත් බවට ප්‍රකාශ කළ වගන්තිය සංශෝදනය කිරීමට පසුව පියවර ගැනීමත්, අනතුරුව එම වගන්තිය සම්පූර්ණයෙන්ම එම පුවතින් ඉවත් කිරීමට පියවර ගැනීමත් හේතුවෙන්.

අදාළ නීතිය ඇතුළු තරග කොන්දේසි තුනක් අයි.සී.සීය විසින් සංශෝදනය කිරීමට පියවර ගත් අතර, ඊට අදාළ නිල මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කර තිබෙනවා.

ජූනි පළමු වැනිදායින් පසුව මෙම නව තරග කොන්දේසි බලාත්මක වන බවයි අයි.සී.සීය සදහන් කළේ.

නිදහස් පහරට අදාළ පන්දුවේ දී පිතිකරුවෙකු පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගිය ද (නිදහස් පහරක් නිසා එය නොදැවී යාමකි) , එම පන්දුව සදහා ලබා ගන්නා ලකුණු පිතිකරුවාට හිමි වන බව අයි.සී.සීය පල කළ පුවතෙහි සදහන් වුණා. එනම්, අතිරේක ලකුණු හෙවෙත් byes ලකුණු ලෙස නොව එම ලකුණු පිතිකරුවාට හිමි වන බවයි.

එම වගන්තිය ද පළමුවරට තරමක් අපැහැදිලි අයුරින් පල කර තිබූ අතර, අනතුරුව එම වගන්තිය යළි සංශෝදනය කරමින් වඩාත් පැහැදිලි අයුරින් අදාළ පුවත යාවත්කාලීන කිරීමට අයි.සී.සීය කටයුතු කළා.

නමුත්, සුළු වේලාවකට පසු සිය පුවතින් එම සම්පූර්ණ වගන්තියම ඉවත් කිරීමටයි අයි.සී.සීය පියවර ගත්තේ.

කෙසේවෙතත්, අයි.සී.සී නිල මාධ්‍ය නිවේදනයේ මේ වන විට සදහන් කර ඇත්තේ එවැනි අවස්ථාවක පිතිකරුවන් ලබා ගන්නා ලකුණු කණ්ඩායමට හිමි වන ලකුණු ලෙස සලකන බවයි.

Runs off a Free Hit: Any runs scored off a Free Hit when the ball hits the stumps will count as team runs scored, to be consistent with all other runs scored from a free hit.” යනුවෙන් අයි.සී.සීය සදහන් කර තිබෙනවා.