Ultimate magazine theme for WordPress.

Watch : තෙවාටියා අන්ත අසරණ කළ තීක්ෂණගේ සුපිරි පන්දුව

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ පළමු තරගයේ දී (Qualifier 1) විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් ප්‍රබල කඩුලු දෙකක් දවා ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩාමේ දග පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අද(23) සමත් වුණා.

චෙන්නායි හී දී අද රාත්‍රියේ ආරම්භ වූ මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 7 ක් දැවී ලකුණු 172 ක් රැස් කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේ දී ගුජරාට් කණ්ඩායමේ නායක හර්ඩික් පාන්ඩ්යා ලකුණු 8 කටත්, රාහුල් තෙවාටියා ලකුණු 3කටත් දවා ගැනීමට තීක්ෂණ සමත් වුණා.

තීක්ෂණ මෙම තරගයේ දී අදාළ කඩුලු 2 දවා ගත්තේ ලකුණු 28 ක් ලබා දෙමින්.

තීක්ෂණ දවා ගත් දෙවැනි කඩුල්ලෙහි දර්ශන පහතින් නරඹන්න – (දර්ශන මූලාශ්‍රය BCCI/IPLT20)

Leave a comment