ඇන්ඩර්සන් කැදවමින් සිව්වැනි අළුබදුනට එංගලන්ත කණ්ඩායම නම් කෙරේ
ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත සිව්වැනි අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන එංගලන්ත කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම කණ්ඩායම සදහා තෙවැනි තරගය වෙනුවෙන් ක්‍රීඩා නොකළ වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් යළි නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
වේග පන්දු යවන ක්‍රීඩක ඔලී රොබින්සන් වෙනුවට ඔහුව කණ්ඩායමට ආදේශ කර ඇති බව එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළා.
දෙරට අතර පැවැත්වෙන තීරණාත්මක සිව්වැනි ටෙස්ට් තරගය එළඹෙන 19 වැනිදා මැන්චෙස්ටර් හි Old Trafford ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
තරග 5කින් යුත් අළුබදුන තරගාවලිය තරග 2-1 ක් ලෙස ඔස්ට්‍රේලියාව මේ වන විට පෙරමුණ හිමි කර ගෙන සිටින බැවින් එංගලන්තයට යළි අළුබදුන ශූරතාවය ජය ගැනීමටනම් සිව්වැනි ටෙස්ට් තරගය එංගලන්තයට අනිවාර්යයෙන්ම ජය ගැනීමට සිදු වනවා.
England XI:
Ben Duckett, Zak Crawley, Moeen Ali, Joe Root, Harry Brook, Ben Stokes (c), Jonny Bairstow (wk), Chris Woakes, Mark Wood, Stuart Broad, James Anderson.