Ultimate magazine theme for WordPress.

Watch : අයර්ලන්ත නායකයාට අවාසනාවන්ත ලෙස මංගල ශතකය අහිමි වූ හැටි

සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කීරීමේ අවස්ථාව අයර්ලන්ත ටෙස්ට් නායක ඇන්ඩි බල්බර්නිට අද(24) අවාසනාවන්ත ලෙස අහිමි වුණා.

ඒ, ශ්‍රී ලංකාව සමග ගාල්ලේ දී අද ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී ලකුණු 95 කට දැවී යාමත් සමගයි.

පන්දු 163 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හතරේ පහර 14 ක් ඇතුළත්.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙන අයර්ලන්ත කණ්ඩායමේ සිව්වැනි කඩුල්ල ලෙස බල්බර්නි දැවී ගියේ රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ ධනංජය ද සිල්වා අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

දර්ශන පහතින් නරඹන්න –