Ultimate magazine theme for WordPress.

කොන්වේ විවේක ගන්වයි ; රචින් රවීන්ද්‍ර සංචිතයට

පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත 5 වැනි හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් නවසීලන්ත පිතිකරු ඩැරල් මිචෙල් විවේක ගන්වා තිබෙනවා.

ඔහුගේ කාර්යය ප්‍රමාණය (workload ) කළමනාකරණය කිරීමේ අරමුණින් හා ඉදිරි ජාත්‍යන්තර තරගාවලි පිළිබද අවධානය යොමු කර මෙම තීරණය ගත් බවයි නවසීලන්ත පුහුණුකරු ගැරී ස්ටීඩ් සදහන් කළේ.

මේ වන විටත් නවසීලන්තය තරග 4-0 ක් ලෙස 20යි 20 තරගාවලිය ජය ගෙන සිටීම ද මෙම තීරණය ගැනීමට හේතු වී තිබෙනවා.

ඔහු වෙනුවට රචින් රවීන්ද්‍ර සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ. රචින් මෙම තරගාවලියෙන් මීට පෙර විවේක ගන්වා තිබුණා.

පළමු 20යි 20 තරග 4 තුළ දී ඩැරල් මිචෙල් අර්ධ ශතක දෙකක් වාර්තා කරමින් නවසීලන්ත පිතිකරණ බලඇණිය ශක්තිමත් කළා.

මේ අතර, කොවිඩ් 19 ආසාදනය වූ ආරම්භක පිතිකරු ඩෙවෝන් කොන්වේ අවසන් 20යි 20 තරගයට ක්‍රීඩා කරන්නේ දැයි තරගය පැවැත්වෙන දිනයේ දී තීරණය කරන බව ද ප්‍රධාන පුහුණුකරු කියා සිටියා.

කොවිඩ් 19 ආසාදනය වීම නිසා කොන්වේට දෙරට අතර පැවැති සිව්වැනි 20යි 20 තරගය ද ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.

5 වැනි හා අවසන් 20යි 20 තරගය හෙට(21) මෙරට වේලාවෙන් අලුයම 5.30 ට ක්‍රයිස්චර්ච්හී දී ආරම්භ වීමට නියමිතයි.