Watch : අස්මතුල්ලාහ්ගේ සුපිරි පන්දු රැකීම හමුවේ Max O’Dowd දුවද්දී දැවී ගිය හැටි

2023 ලෝක කුසලාන එක්දින ක්රිකට් තරගාවලියේ 34 වැනි තරගයේ දී ඇෆ්ඝනිස්තාන ක්රීඩක අස්මතුල්ලාහ් ඔමර්සායි දැක් වූ සුවිශේෂී පන්දු රැකීමේ දක්ෂතාවයක් හමුවේ දුවද්දී දැවී යාමකට හසු වීමට නෙදර්ලන්ත පිතිකරු Max O’Dowd ට අද(3) සිදු වුණා.
ලක්නව් හි ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
තරගයේ පළමු පන්දුවාරයෙන්ම Wesley Barresi එක් ලකුණකට දවා ගැනීමට මුජීබ් උර් රහ්මාන් සමත් වුණා.
Max O’Dowd ලකුණු 42 ක් ලබා සිටියදී යි අස්මතුල්ලාහ්ගේ සුපිරි පන්දු රැකීමේ දක්ෂතාවයක් හමුවේ දුවද්දී දැවී ගියේ.
එහි දර්ශන පහතින් නරඹන්න –