Watch : කුසල් මෙන්ඩිස්ගේ වාර්තාගත ශතකය මෙන්න

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයේ දී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා අංක 3 පිතිකරු කුසල් මෙන්ඩිස් අද(10) සමත් වුණා.
පාකිස්තානයට එරෙහිව හයිදරාබාද් හී දී ආරම්භ වූ මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මෙන්ඩිස් පන්දු 77කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 122 ක්.
හයේ පහර 6කින් හා හතරේ පහර 14 කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.
මෙන්ඩිස් සිය ශතකය පන්දු 65 කින් වාර්තා කළ අතර, එය ඉතිහාසගත වුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියකදී පිතිකරුවෙකු වාර්තා කළ වේගවත්ම ශතකය ලෙසයි.
මීට පෙර කුමාර් සංගක්කාර පන්දු 70 කින් එංගලන්තයට එරෙහිව 2015 ලෝක කුසලානයේ දී රැස් කළ ශතකය ශ්‍රී ලංකාව වෙනුවෙන් ලෝක කුසලාන තරගාවලියක වාර්තා වූ වේගවත්ම ශතකය ලෙසයි වාර්තා අතරට එක්ව තිබුණේ.
මෙන්ඩිස්ගේ සුපිරි ඉනිම පහතින් නරඹන්න –