“තාත්තා අද හිටියනම් ගොඩක් සතුටු වේවි” නව ටෙස්ට් නායකයා ප්‍රධාන අරමුණත් පහදයි

ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස සිය ප්‍රධාන අරමුණ වන්නේ මේ වන විට ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයේ රැදී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්හි පියවරෙන් පියවර ඉදිරියට රැගෙන යාම බව ශ්‍රී ලංකා ටෙසට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායක ධනංජය ද සිල්වා පවසනවා.
ඇෆ්ඝනිස්තානය සමග සිකුරාදා (2) ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා අද(1) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු ඒ බව සදහන් කළා.
පිතිකරණයේ දී මෙන්ම පන්දු යැවීමේ දී ද ක්‍රීඩකයින් ධනාත්මක අයුරින් ක්‍රීඩා කිරීමේ වැදගත්කම ද මෙහිදී ධනංජය විසින් පෙන්වා දුන්නා.
මේ අතර, තමා ටෙස්ට් නායකත්වයට පත් වීම සම්බන්ධයෙන් සිය පියා ජීවතුන් අතර සිටියේනම් බොහෝ සෙයින් සතුටට පත් වනු ඇති බව ද ධනංජය ද සිල්වා වැඩිදුරටත් කියා සිටියා.
දර්ශන පහතින් –