Ultimate magazine theme for WordPress.

Women’s T20 Asia Cup : පාකිස්තානය පරදා ඉන්දියාවට කඩුලු හතක ජයක්

Match Report

2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් පාකිස්තානය පරදා කඩුලු හතක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම අද(19) සමත් වුණා.

දඹුල්ලේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 19.2 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 108 ක් පමණයි.

Sidra Amin ලකුණු 25 කට දැවී ගිය අතර, Tuba Hassan හා Fatima Sana (නොදැවී) ලකුණු 22 බැගින් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Deepti Sharma ලකුණු 20 කට කඩුලු 3 ක් දවා ගත් අතර, Renuka Singh, Pooja Vastrakar හා Shreyanka Patil කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කාන්තා පිල පන්දුවාර 14.1 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Smriti Mandhana ලකුණු 45 ක් හා Shafali Verma ලකුණු 40 ක් ලබා ගනිමින් සිය කණ්ඩායමේ ජයග්‍රාහී මාවත ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී Syeda Aroob Shah ලකුණු 9කට කඩුලු දෙකක් දවා ගත්තා.