Ultimate magazine theme for WordPress.

Watch : 42 හැවිරිදි දෝනි රැක ගත් සුපිරි උඩ පන්දුව

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක 42 හැවිරිදි එම් එස් දෝනි අද(26) සමත් වුණා.

ඒ, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ විජයි ශන්කර් දවා ගැනීම සදහායි.

මෙම තරගයෙන් ටයිටන්ස් පරදා ලකුණු 63 ක ජයක් වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

චෙන්නායි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ටයිටන්ස් ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් සුපර් කිංග්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 206 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටයිටන්ස් පිලට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 143 ක් පමණයි.

ටයිටන්ස් ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස ශන්කර් ලකුණු 12 කට දවා ගැනීම සදහායි දෝනි කඩුල්ල පිටුපස සිට අනර්ඝ උඩ පන්දුවක් රැක ගත්තේ.

දර්ශන පහතින් –