Ultimate magazine theme for WordPress.

ශ්‍රී ලංකා – කොදෙව් තරග කාලසටහන නිවේදනය කෙරේ

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අද(27) නිවේදනය කළා.

මෙම තරග සංචාරයේ දී දෙරට අතර විස්සයි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

විස්සයි 20 තරගාවලියේ සියලු තරග දඹුල්ලේ දී පැවැත්වීමට නියමිත අතර, ඔක්තෝබර් 13, 15 හා 17 යන දිනවලදී එම තරග පැවැත්වීමට නියමිතව තිබෙනවා. සියලු තරග ආරම්භ වන්නේ රාත්‍රී හතටයි.

එක්දින තරගාවලියේ සියලු තරග මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ඔක්තෝබර් 20, 23 හා 26 යන දිනවලදී එක්දින තරග පැවැත්වෙන අතර, සියලු තරග පස්වරු 2:30 ට ආරම්භ වීමට නියමිතයි.

SLC