Ultimate magazine theme for WordPress.

Watch : පළමු පන්දුවෙන්ම වනිදු හසරංගට දීපක් හූදා ගොදුරු වූ හැටි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අද(1) රාත්‍රියේ ආරම්භ වූ 43 වැනි තරගයේ දී තමන් යොමු කළ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සමත් වුණා.

ලක්නව් හී දී ආරම්භ වූ මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 126 ක් ලබා ගත්තා.

ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 44 ක් ද, විරාත් කෝලි ලකුණු 31 ක් ද, දිනේෂ් කාර්තික් ලකුණු 16 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී නවීන් උල් හක් කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 30 ක් ලබා දෙමින්.

ලක්නව් පිළිතුරු ඉනිමේ 4 වැනි කඩුල්ල දවා ගැනීමට වනිදු හසරංග සමත් වුණේ මෙම තරගයේ දී ඔහු යොමු කළ පළමු පන්දුවෙන්ම දීපක් හූදා දවා ගනිමින්. හූදා රැස් කළේ එක් ලකුණක් පමණයි.

ඔහු යොමු කළ පන්දුවකට ස්ටම්ප් කිරීමකට හසු වීමෙනුයි දීපක් හූදා දැවී ගියේ.

දර්ශන පහතින් නරඹන්න –