සාකාර්ගේ 169 අපගේ යයි – නවසීලන්තයට කඩුලු හතක ජයක්
Match Report

සෞම්‍ය සාකාර්ගේ විශිෂ්ඨ ශතකය අපතේ යවමින් සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු හතක ජයක් වාර්තා කරමින් දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට (2-0) නවසීලන්ත කණ්ඩායම අද(20) සමත් වුණා.
නෙල්සන්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ නවසීලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 49.5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 291 ක් රැස් කළා.
සාකාර් පන්දු 151 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 169 ක්. හයේ පහර 2 ක් හා හතරේ පහර 22 ක් ඔහුගේ සුපිරි ඉනිම වර්ණවත් කළා.
මුෂ්ෆිකර් රහීම් ලකුණු 45 යි. පන්දු යැවීමේ දී නවසීලන්තය වෙනුවෙන් Jacob Duffy හා William O’Rourke කඩුලු 3 බැගින් බිද හෙලුවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය ඉනිම නිමා වීමට පන්දු 22 ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 3ක් දැවී සිටියදීයි.
හෙන්රි නිකල්ස් ලකුණු 95(99) ක් හා විල් යන්ග් ලකුණු 89(94) ක් රැස් කළා. රචින් රවීන්ද්‍ර ලකුණු 45 යි. ටොම් ලේතම් නොදැවී ලකුණු 34 ක් හා ටොම් බ්ලන්ඩල් නොදැවී ලකුණු 24 ක් ලබා ගනිමින් නවසීලන්තය ජයග්‍රහනය කරා රැගෙන ගියා.
පන්දු යැවීමේ දී හසන් මහ්මුද් ලකුණු 57 කට කඩුලු දෙකක් දවා ගත් අතර, ශොරිෆුල් ඉස්ලාම් ලකුණු 49 කට කඩුල්ලක් බිද හෙලුවා.