පාදයක ආබාධයකට ලක් වූ සාකාර් වෙනුවට ටන්සිඩ් ආදේශ කරේ කොහොමද? බංග්ලාදේශය කරුණු පහදයි

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයේ දී කම්පන තත්ත්වයකට මුහුණ දීම හේතුවෙන් සෞම්‍ය සාකාර් වෙනුවට ටන්සිඩ් හසාන් කණ්ඩායමට ආදේශ කිරීම (concussion replacement) සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
චිතගොංහී දී ආරම්භ වූ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ඉනිමේ 49 වැනි පන්දුවාරයේ දී හතරේ සීමාව ආසන්නයේ හතරේ පහරක් වළක්වා ගැනීමට උත්සාහ කිරීමේ දී යි ඔහු මෙම කම්පන තත්ත්වයට මුහුණ දුන්නේ.
කෙසේ වෙතත්, මෙම සිදුවීමේ දී හිසට හානියක් සිදු වන ආකාරයක් දැකගත නොහැකි වූ අතර, ඒ අනුව සාකාර් වෙනුවට ටන්සිඩ් පන්දුවට පහර දීමට පිටියට පිවිසීමේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඒ සම්බන්ධයෙන් විනිසුරුවරුන්ට පැමිණිලි කරන අයුරු ද දක්නට ලැබුණා.
කෙසේ වෙතත්, බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ භෞත චිකිත්සක Bayjedul Islam Khan මාධ්‍ය නිවේදනයක සදහන් කර ඇත්තේ සෞම්‍ය සාකාර් හතරේ පහර නැවැත්වීමට උත්සාහ ගැනීමේ දී ඔහුගේ හිස බිම වැදී තිබූ බවයි. නමුත්, පුනරූපනවලින් එවැන්නක් දක්නට නොලැබීම විශේෂත්වයක්. (දර්ශන කිහිපයක් පහතින් නරඹන්න)
අනතුරින් පසුව ඔහු ගෙලෙහි මෙන්ම හිසෙහි වේදනාවක් පිළිබද සදහන් කර ඇති බවත්, පෙනීමේ දුෂ්කරතාවයක් ඇති බවට සදහන් කර ඇති බවත් සදහන්.
එමෙන්ම ඔහුගේ වම් දණහිසෙහි ආබාධයක් සිදු වන අයුරුද දැකිය හැකි වුණා.
මේ සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ භෞත චිකිත්සකවරයා පල කළ අදහස් –
“Soumya fell hard while attempting to save a boundary and also hit the advertisement billboard,”
“His head hit the ground in the process and he felt stiffness in the neck and also complained of a headache and vision difficulties. A SCAT5 assessment was done when he came off. He has also hurt his left knee.”
Can you get a Concussion sub for this ?
Soumya Sarkar was replaced by Tanzim Tamim pic.twitter.com/ndEaeVxZSn
— Azzam Ameen (@AzzamAmeen) March 18, 2024
Which head ? pic.twitter.com/2RoWlbT4Mg
— the GOAT dasun (@Capt_Shanaka) March 18, 2024