Ultimate magazine theme for WordPress.

දෙවැනි ටෙස්ට් තරගයට පාකිස්තානයෙන් ප්‍රබල තීරණයක්

පාකිස්තානය හා බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට(30) රාවල්පින්ඩි හී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙම තරගයෙන් වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ශාහ් අෆ්රිඩි ඉවත් කිරීමටයි පාකිස්තානය තීරණය කර ඇත්තේ.

තරගය සදහා පාකිස්තානය විසින් 12 දෙනෙකුගෙන් යුත් සංචිතයක් නම් කර ඇති අතර, ඊට පා දග පන්දු යවන ක්‍රීඩක අබ්‍රාර් අහ්මඩ් හා වේග පන්දු යවන ක්‍රීඩක මීර් හම්සා ඇතුළත්.

දෙරට අතර පැවැති පළමු තරගයෙන් පාකිස්තානයට කඩුලු 10ක පරාජයක් අත්විදීමට සිදු වූ අතර, ඒ අනුව තරගාවලිය ජය පරාජයන් තොරව අවසන් කර ගැනීමටනම් පාකිස්තානයට දෙවැනි ටෙස්ට් තරගය ජය ගැනීම අනිවාර්යය වනවා.