Ultimate magazine theme for WordPress.

WTC Final : රාහුල් වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු ඉන්දීය සංචිතයට නම් කෙරේ

අයි සී සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සදහා වන ඉන්දීය සංචිතයට ආබාධයකට ලක් වූ කේ එල් රාහුල් වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු නම් කිරීමට ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කඩුලු රකින වමත් පිතිකරු ඉෂාන් කිෂන් සංචිතයට ආදේශ කර ඇති බවයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ.

පසුගිය පළමු වැනිදා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමග පැවැති අයි.පී.එල් තරගයේ දී පන්දු රකිමින් සිටියදී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ නායක කේ එල් රාහුල් පාදයක ආබාධයකට ලක් වුණා.

එම ආබාධය හේතුවෙන් ඔහුට මෙවර අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරගවලින් හා ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයෙන් ඉවත් වීමට සිදු වුණා.

ජයිදේව් උනඩ්කට් ද අයි.පී.එල් තරගාවලිය අතරතුර දී පුහුණුවීම් අතරතුර වම් උරහිසේ ආබාධයකට ලක් වූ අතර, ඔහුට ටෙස්ට් ශුරතාවලියේ අවසන් තරගයට ක්‍රීඩා කළ හැකි දැයි ඉදිරියේ දී තීරණය කරන බවයි ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළේ.

ඉෂාන් කිෂන් මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති පසුබිමක ඔහුව මෙලෙස ඉන්දීය ටෙස්ට් සංචිතයට නම් කිරීම විශේෂත්වයක්.

ඔහුට අමතරව කේ එස් භාරත් ද කඩුලු රකින ක්‍රීඩකයෙකු ලෙස ඉන්දීය ටෙස්ට් සංචිතයේ රැදී සිටිනවා. පසුගිය පෙබරවාරි මාසයේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව රිෂාබ් පාන්ට් වෙනුවටයි භාරත් ටෙස්ට් වරම් දිනා ගත්තේ.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ජූනි 7 වැනිදා ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන්නේ ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතරයි.

මේ අතර, අයි.පී.එල් තරගාවලිය අතරතුර දී වම් පාදයේ සුළු ආබාධයකට ලක් වූ උමේෂ් යාදව් මේ වන විට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ වෛද්‍ය කමිටුවේ අධීක්ෂණය යටතේ පසුවන බවත්, ඉන්දීය ක්‍රිකට් වෛද්‍ය කමිටුව ද ඔහුගේ තත්ත්වය පිළිබද අවධානයෙන් පසුවන බවත්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සදහන් කළා.

India’s squad for WTC final:

Rohit Sharma (Captain), Shubman Gill, Cheteshwar Pujara, Virat Kohli, Ajinkya Rahane, KS Bharat (wk), Ravichandran Ashwin, Ravindra Jadeja, Axar Patel, Shardul Thakur, Mohd. Shami, Mohd. Siraj, Umesh Yadav, Jaydev Unadkat, Ishan Kishan (wk).

Standby players: Ruturaj Gaikwad, Mukesh Kumar, Suryakumar Yadav.

Leave a comment