ගාලු ජයත් සමග ශ්‍රී ලංකාව WTC ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන දෙකකින් ඉදිරියට

නවසීලන්තය පරදා පළමු ටෙස්ට් තරගයෙන් ලැබූ ජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට මේ වන විට සමත්ව තිබෙනවා.
ඒ, මෙතෙක් ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ තරග අටෙන් තරග 4 ක් ජය ගනිමින් 50% ක ලකුණු ප්‍රතිශතයක් හිමි කර ගනිමින්.
ගාලු ටෙස්ට් තරගය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකාව 42.86% ක ලකුණු ප්‍රතිශතයක් සමග ප්‍රසාද ලකුණු සටහනේ රැදී සිටියේ 5 වැනි ස්ථානයේයි.
අද ලැබූ ලකුණු 63 ක ජය හේතුවෙන් 2025 වසරේ දී පැවැත්වීමට නියමිත ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු තවදුරටත් ඉහළ මට්ටමක රදවා ගැනීමට ද ශ්‍රී ලංකාවට හැකි වී තිබෙනවා.
මේ අතර, ඊයේ බංග්ලාදේශය පරදා පළමු ටෙස්ට් තරගයෙන් ලැබූ ලකුණු 280 ක ජයත් සමග ඉන්දියාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ සිය පෙරමුණ තවදුරටත් ශක්තිමත් කර ගැනීමට සමත් වුණා.
ඔවුන් මේ වන විට තරග 10කින් තරග 7 ක් ජය ගෙන 71.67% ක ලකුණු ප්‍රතිශතයකට හිමිකම් කියනවා.
ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ 62.50% ලකුණු ප්‍රතිශතයක් ලබා ඇති ඔස්ට්‍රේලියාවයි. ඔවුන් තරග 12 කින් තරග 8ක් ජය ගත්තා.