Ultimate magazine theme for WordPress.

WTC අවසන් මහා තරගයට ඉන්දීය සංචිතය නම් කෙරේ

අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය සදහා වන ඉන්දීය සංචිතය එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් අද(25) ප්‍රකාශයට පත් කළා.

රෝහිත් ෂර්මාගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

සංචිතය සදහා අජින්කෙයා රහානේ යළි කැදවා තිබීම විශේෂත්වයක්. 34 හැවිරිදි හිටපු ඉන්දීය නායකයෙකු ද වන රහානේ දක්ෂතා අතර රැදී නොසිටි බැවින් 2021-22 දකුණු අප්‍රිකා තරග සංචාරයෙන් පසුව කණ්ඩායමෙන් ඉවත් කෙරුණා.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර ජූනි 7 වැනිදා එංගලන්තයේ ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

ජූනි 12 වැනිදා අතිරේක දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඉන්දියාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට අඛණ්ඩව සුදුසුකම් ලැබූ දෙවැනි අවස්ථාව මෙය වන අතර, ලෝක ටෙස්ට් ශුරතාවලියේ පළමු අදියරේ දී අවසන් තරගයේ දී ඔවුන් නවසීලන්තය හමුවේ පරාජයට පත් වුණා.

India’s Test squad WTC final:

Rohit Sharma (C), Shubman Gill, Cheteshwar Pujara, Virat Kohli, Ajinkya Rahane, K L Rahul, KS Bharat (wk), Ravichandran Ashwin, Ravindra Jadeja, Axar Patel, Shardul Thakur, Mohd. Shami, Mohd. Siraj, Umesh Yadav, Jaydev Unadkat.

Leave a comment