Ultimate magazine theme for WordPress.

WTC අවසන් තරගයට හා අලුබදුන සටනට ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත අයි.සී.සී ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය සදහා හා එංගලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 5 කින් යුත් අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරග දෙක සදහා වන ඔස්ට්‍රේලියානු සංචිතය නම් කර තිබෙනවා.

මැට් රේන්ෂෝ, මර්කස් හැරිස් හා මිචෙල් මාෂ් මෙම සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්ව ඇති නමුත්, ඉන්දියාවට එරෙහි තරගය සදහා වන සංචිතය ක්‍රීඩකයින් 15 දෙනෙකු දක්වා අඩු කළ යුතුයි. ඒ අනුව මැයි 28 වැනිදාට පෙර මෙම සංචිතයෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකු ඉවත් කරමින් එම අවසන් සංචිතය ප්‍රකාශයට පත් කරනු ඇති.

ලෝක ටෙස්ට් ශුරතාවලියේ අවසන් මහා තරගය ජූනි 7 වැනිදා ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

වේග පන්දු යවන ක්‍රීඩක ලාන්ස් මොරිස්ට පිට කොන්දේ ආබාධයක් හේතුවෙන් මෙම තරගාවලි අහිමි වී තිබෙනවා. ඔහුට සති 6ක පමණ කාලයක් අවම වශයෙන් විවේක ගැනීමට සිදුව ඇති බව සදහන්.

ආබාධයක් හේතුවෙන් ජායි රිචර්ඩ්සන්ට ද මෙම තරගාවලි අහිමි වී ඇති අතර, මයිකල් නෙසර් ද සංචිතය සදහා නම් කර නැහැ.

මෑතකදී නිමා වූ ඉන්දීය ටෙස්ට් සංචාරය සදහා එක් වූ ඇෂ්ටන් ඒගාර්, පීටර් හැන්ඩ්ස්කොම්බ්, මිචෙල් ස්වෙප්සන් හා මැට් කුහ්නෙමන්ට සංචිතයේ ස්ථාන අහිමි වී තිබෙනවා.

ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර්ගේ ටෙස්ට් ක්‍රිකට් අනාගතය තීරණය වන තරග කිහිපයක් බවට මෙම එංගලන්ත තරග සංචාරය පත් වනු ඇති.

වෝනර් මෑතකදී එතරම් ඉහළ දක්ෂතා අතර රැදී නොසිටි අතර, එංගලන්තයේ පැවැති 2019 අලුබදුන තරගාවලියේ දී ද ඔහුගේ ඉනිමක සාමාන්‍ය සටහන්ව තිබුණේ 9.5 ක් ලෙසයි.

2023 අලුබදුන තරගාවලිය ජූනි 16 වැනිදා බර්මිංහැම් හි එජ්බැස්ටන් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන අතර, තරගාවලිය ජූලි 31 වැනිදා අවසන් වීමට නියමිතයි.

Australia squad

Pat Cummins (c), Scott Boland, Alex Carey, Cameron Green, Marcus Harris, Josh Hazlewood, Travis Head, Josh Inglis, Usman Khawaja, Marnus Labuschagne, Nathan Lyon, Mitchell Marsh, Todd Murphy, Matthew Renshaw, Steven Smith, Mitchell Starc, David Warner

Leave a comment