Ultimate magazine theme for WordPress.

WPL 2024 : අවසන් පන්දුවට එල්ල කළ හයේ පහරින් මුම්බායි පිලට තියුණු ජයක් (දර්ශන සහිතයි)

2024 කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (WPL) පළමු තරගයෙන් දිල්ලි කැපිටල්ස් කාන්තා කණ්ඩායම පරදා කඩුලු හතරක තියුණු ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කාන්තා කණ්ඩායම සමත් වුණා.

බැංගලූරුහී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ මුම්බායි කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 171 ක් රැස් කළා.

Alice Capsey ලකුණු 75 ක් ලබා ගත්තේ පන්දු 53 කට මුහුණ දෙමින්. Jemimah Rodrigues ලකුණු 42(24) යි.

පන්දු යැවීමේ දී Nat Sciver-Brunt හා Amelia Kerr කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායම තරගයේ අවසන් පන්දුවේ දී ජයග්‍රහනය වාර්තා කළේ කඩුලු හයක් දැවී සිටියදීයි.

Yastika Bhatia ලකුණු 57(45) ක් රැස් කළ අතර, නායිකා Harmanpreet Kaur ලකුණු 55(34)යි.

ඉනිමේ අවසන් පන්දුවට තරගය ජය ගැනීම සදහා මුම්බායි පිලට ලකුණු 5ක් අවශ්‍ය වූ අතර, එම පන්දුවට මුහුණ දුන්නේ Sajeevan Sajana. ඇය මෙම තරගයේ මුහුණ දුන් පළමු පන්දුව එය වූ අතර, ඊට හයේ පහරක් එල්ල කරමින් තරගයේ ජය සිය කණ්ඩායමට හිමි කර දීමට Sajana සමත් වුණා. (දර්ශන පහතින්)

පන්දු යැවීමේ දී Arundhati Reddy හා Alice Capsey කඩුලු දෙක බැගින් බිද හෙලුවා.

Leave a comment