Women’s T20 World Cup : දුර්වල පිතිහරඹය හමුවේ ශ්‍රී ලංකාව දෙවැනි තරගයත් පරදියි
Match Report

2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ දෙවැනි තරගයෙන් ද ඔවුන් අද(5) පරාජයට පත් වුණා.
ඔස්ට්‍රේලියාව සමග සාජා හී දී පැවැති මෙම තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත් වුණේ කඩුලු හයකින්.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 93 ක් පමණයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව පන්දුවාර 14.2 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
බෙත් මූනි නොදැවී ලකුණු 43(38) ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී උදේශිකා ප්‍රබෝදනී, ඉනෝකා රණවීර හා සුගන්දිකා කුමාරි කඩුල්ල බැගින් බිද හෙලුවා.
පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළේ නොදැවී ලකුණු 29(40) ක් ලබා ගත් නිලක්ෂිකා සිල්වා. විශ්මි ගුණරත්න පන්දු 10 කට මුහුණ දුන් නමුත්, කිසිදු ලකුණක් නොලබා දැවී ගිය අතර, නායිකා චමරි අතපත්තු ලබා ගත්තේ ලකුණු 3(12)ක් පමණයි. හර්ෂිතා සමරවික්‍රම ලකුණු 23(35) ක් රැස් කළා. අනුෂ්කා සංජීවනී ලකුණු 16(15) යි.
පන්දු යැවීමේ දී Megan Schutt ලකුණු 12 කට කඩුලු 3 ක් දවා ගත් අතර, Sophie Molineux ලකුණු 20 කඩුලු 2 ක් බිද හෙලුවා.
මීට පෙර මෙවර තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගයෙන් ද ඔවුන් පාකිස්තානය හමුවේ පරාජයට පත් වුණා.