Ultimate magazine theme for WordPress.

Women’s T20 World Cup : එංගලන්ත හා ඉන්දීය සංචිත නම් කෙරේ

ඔක්තෝබර් මාසයේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත 2024 කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන එංගලන්ත හා ඉන්දීය කාන්තා සංචිත නම් කර තිබෙනවා.

Freya Kemp, Bess Heath හා Danielle Gibson එංගලන්ත සංචිතය සදහා නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

කෙසේ වෙතත්, Lauren Filer හට සංචිතයේ ඉඩක් වෙන්ව නැහැ.

මේ අතර, ලෝක කුසලානය සදහා නම් කෙරුණු ඉන්දීය සංචිතයට ඇතුළත් ක්‍රීඩිකාවන් 15 දෙනාගෙන් 14 දෙනෙකුම නිමා වූ ආසියානු කුසලාන කාන්තා පන්දුවාර විස්සයි 20 තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතයට ඇතුළත්ව සිටියා.

ආසියානු කුසලානයට ඇතුළත්ව සිටි ක්‍රීඩිකාවන් අතරින් ලෝක කුසලානයට නම් කර නොමැති ක්‍රීඩිකාව වන්නේ Uma Chetry පමණයි. ඇය වෙනුවට Yastika Bhatia සංචිතයට කැදවා තිබෙනවා.

කෙසේ වෙතත්, Yastika Bhatia හා Shreyanka Patil ලෝක කුසලානයට ක්‍රීඩා කරන්නේ ඔවුන් සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් පසුවුවහොත් පමණයි.

England Women’s T20 World Cup squad :

Heather Knight (c), Lauren Bell, Maia Bouchier, Alice Capsey, Charlie Dean, Sophia Dunkley, Sophie Ecclestone, Danielle Gibson, Sarah Glenn, Bess Heath, Amy Jones, Freya Kemp, Nat Sciver-Brunt, Linsey Smith, Danni Wyatt

India squad for Women’s T20 World Cup :

Harmanpreet Kaur (c), Smriti Mandhana (vc), Yastika Bhatia* (wk), Shafali Verma, Deepti Sharma, Jemimah Rodrigues, Richa Ghosh (wk), Pooja Vastrakar, Arundhati Reddy, Renuka Singh, D Hemalatha, Asha Sobhana, Radha Yadav, Shreyanka Patil*, Sajeevan Sajana

Travelling reserves: Tanuja Kanwar, Uma Chetry, Saima Thakor. Non-travelling reserves: Raghvi Bist, Priya Mishra
* Subject to fitness