Ultimate magazine theme for WordPress.

Women’s Asia Cup : චමරි හා අනුෂ්කා ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට රැගෙන යයි

Match Report

ආසියානු කුසලාන කාන්තා පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (26) සමත් වුණා.

ඒ, තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් පාකිස්තාන කණ්ඩායම පරදා කඩුලු 3ක තියුණු ජයක් වාර්තා කිරීමත් සමගයි.

දඹුල්ලේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 4 ක් දැවී ලකුණු 140 ක් ලබා ගනිමින් නියමිත පන්දුවාර 20 අවසන් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිම නිමා වීමට එක් පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 7ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ඒ අනුව එළඹෙන ඉරිදා පැවැත්වෙන තරගාවලියේ අවසන් මහා තරඟයේදී ශ්‍රී ලංකාව, ඉන්දීය කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස විශ්මි ගුණරත්න ලකුණු නොලබා දැවී ගියා. හර්ෂිතා සමරවික්‍රම රැස් කළේ ලකුණු 12 ක් පමණයි.

කෙසේ වෙතත්, චමරි අතපත්තු සිය කණ්ඩායම අවසන් මහා තරගය රැගෙන යාමේ වගකීම සිය කරමතට ගනිමින් පන්දු 48 කින් ලකුණු 63 ක් රැස් කළේ හයේ පහරක් හා හතරේ පහර 9 ක් සමගින්.

ඇයට මනා සහයෝගයක් ලබා දුන් කවීෂා දිල්හාරි ලකුණු 17(18) ක් හා අනුෂ්කා සංජීවනී නොදැවී ලකුණු 24(22) ක් රැස් කරමින් ශ්‍රී ලංකාව අවසන් තරගයට රැගෙන යාමට සමත් වුණා.

වැඩිදුර තොරතුරු බලාපොරොත්තුවන්න…