Wimbledon : ජොකොවික් පරදා පිරිමි කේවල ශූරතාවය පිට පිට දෙවැනි වරටත් කාර්ලස්ට

එංගලන්තයේ පැවැති 2024 විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශූරතාවය දිනා ගැනීමට ස්පාඤ්ඤයේ Carlos Alcaraz අද(14) සමත් වුණා.
ඒ, අවසන් මහා තරගයේ දී සර්බියාවේ නොවැක් ජොකොවික් තරග වට 3-0 ක් ලෙස පරාජයට පත් කරමින්. ලකුණු සටහන් දැක් වුණේ 6-2, 6-2, 7-6 (7-4) ක් ලෙසයි.
2023 වසරේ පැවැති විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ ශූරතාවය දිනා ගත්තේ ද Carlos Alcaraz විසිනුයි.
එමෙන්ම මෙය 21 හැවිරිදි ඔහු ජය ගත් සිව්වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවය වීම ද විශේෂත්වයක්. මීට පෙර Carlos Alcaraz විසින් 2022 ඇමෙරිකානු විවෘත ටෙනිස් ශූරතාවය මෙන්ම මෙම වසරේ පැවැති ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවය ද දිනා ගත්තා.
අද අවසන් තරගයෙන් පරාජයට පත් වූ නොවැක් ජොකොවික් විම්බල්ඩන් ටෙනිස් ශූරතාවය 7 වරක් දිනා ගැනීමට සමත්ව තිබුණා.
මෙවර විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාවය දිනා ගැනීමට චෙක් ජනරජයේ Barbora Krejcikova ඊයේ (13) සමත් වුණා. ඒ, අවසන් මහා තරගයෙන් ඉතාලියේ Jasmine Paolini තරග වට 2-1 ක් ලෙස පරාජයට පත් කරමින්.