Ultimate magazine theme for WordPress.

Watch : SA20 පිටිය කැළඹූ මාක්‍රම්ගේ ඇදහිය නොහැකි සුපිරි උඩ පන්දුව

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන SA20 තරගාවලියේ අවසන් වටයේ පළමු තරගයේ (Qualifier 1) දී සුපිරි උඩ පන්දුවක් රැක ගැනීමට Sunrisers Eastern Cape කණ්ඩායමේ නායක ඒඩ්න් මාක්‍රම් සමත් වුණා.

මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ Durban’s Super Giants කණ්ඩායමයි. තරගයෙන් සන්රයිසස් කණ්ඩායම ලකුණු 51 ක ජයක් හිමි කර ගත්තා.

කේප් ටවුන් හී දී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 157 ක් ලබා ගත්තේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඩර්බන් කණ්ඩායමට ලකුණු 158 ක ඉලක්කයක් හිමි කර දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඩර්බන් කණ්ඩායමට පන්දුවාර 19.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 106 ක් පමණයි.

ඩර්බන් ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස ජේ ජේ ස්මට්ස් දවා ගැනීම සදහායි ඒඩ්න් මාක්‍රම් mid-on කලාපයේ සිට එක් අතකින් විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගත්තේ. (දර්ශන පහතින්) දැවී යන විට ස්මට්ස් කිසිදු ලකුණක් ලබා සිටියේ නැහැ.

තරගාවලියේ අවසන් වටයේ දෙවැනි තරගය හෙවත් Eliminator තරගය අද (7) පැවැත්වීමට නියමිතයි.

එහිදී Paarl Royals කණ්ඩායම හා Joburg Super Kings කණ්ඩායම තරග වැදීමට නියමිත අතර, තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 9ට ජොහැනස්බර්ග් හී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.