Watch : හිස් ආවරණයේ දෝෂයක් නිසා timed out වේවි යැයි බියෙන් ක්‍රිස් වෝක්ස් කරපු දේ

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 40 වැනි තරගයේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනූ සිදු වීමක් දක්නට ලැබුණා.
මෙම තරගය එංගලන්තය හා නෙදර්ලන්තය අතර ආරම්භ වුණේ පූනේ හී දී යි.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 9 ක් දැවී ලකුණු 339 ක් ලබා ගත්තා.
බෙන් ස්ටොක්ස් ලකුණු 108 යි. පන්දු යැවීමේ දී Bas de Leede ලකුණු 74 කට කඩුලු 3 ක් දවා ගත්තා.
ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙස මොයීන් අලී දැවී ගියේ 36 වැනි පන්දුවාරයේ දී යි. අනතුරුව පිටියට පිවිසියේ ක්‍රිස් වෝක්ස්.
කෙසේ වෙතත්, ඔහුගේ හිස් ආවරණයේ යම් දෝෂයක් පවතින බව පිටියට මැදට පිවිසීමෙන් පසුව වෝක්ස්ට නිරීක්ෂණය වුණා.
අනතුරුව ඔහුට එය සකස් කර ගැනීම සදහා යම් කාලයක් ගත වන බැවින් වහාම ඔහු ඒ පිළිබද සිනහ මුසු මුහුණින් යුතුව විනිසුරුවන් දැනුවත් කිරීමට කටයුතු කළේ නියමිත කාලය තුළ නවක පිතිකරුවා පන්දුවට පහර දීමට සූදානම්ව නොසිටීම යන නීතියට අනුව (timed out) ඔහුව දවා ගැනීමට ප්‍රතිවාදී කණ්ඩායමට අවස්ථාව පවතින බැවිනුයි.
මීට පෙර බංග්ලාදේශයට එරෙහි තරගයේ දී ශ්‍රී ලංකා පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස් එවැනි දැවී යාමකට හසු වුණේ ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ එවැනි දැවී යාමකට මුහුණ දුන් පළමු ක්‍රීඩකයා බවට පත් වෙමින්.
Netizens reacted after Chris Woakes cheekily took no chance of getting timed out after facing an issue with his helmet.#CWC23 #ENGvNEDhttps://t.co/lgCmIwB5e8
— Circle of Cricket (@circleofcricket) November 8, 2023