Watch : සෙල්ෆියක් නිසා ප්‍රිත්වි ෂෝ ප්‍රහාරයකට ලක් වෙයි ; මෝටර් රථයකටත් හානි

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ප්‍රිත්වි ෂෝ හා ඔහුගේ මිතුරෙකු මුම්බායි නුවර දී ප්‍රහාරයකට ලක් වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ඊට අදාළ වීඩියෝ දර්ශන ද මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අයුරු දක්නට ලැබෙනවා.
පුද්ගලයින් දෙදෙනෙකු සමග දෙවැනි වරටත් සෙල්ෆි ඡායාරූප ගැනීම ප්‍රිත්වි ෂෝ විසින් ප්‍රතික්ෂේප කිරීම මෙම ගැටුමට හේතු වී ඇති බව සදහන්.
ප්‍රිත්වි ෂෝගේ මිතුරෙකුගේ මෝටර් රථයකට මෙහිදී පුද්ගලයින් පිරිසක් විසින් පහර දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.
ඒ අනුව ඔෂිවාරා පොලීසිය විසින් පුද්ගලයින් 8 දෙනෙකුට එරෙහිව මේ වන විට නඩු පවරා තිබෙනවා.
2018 වසරේ පැවැති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ ශූරතාවය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායකයා වූ ප්‍රිත්වි ෂෝ මේ වන විට ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් තරග 5ක්, එක්දින තරග 6 ක් හා එක් 20යි 20 ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර තිබෙනවා.
සිද්ධියට අදාළ දර්ශන පහතින් –
Fight between Indian Cricketer Prithvi Shaw vs Influencer Sapna Gill#PrithviShaw #SapnaGill pic.twitter.com/SX1TFfVPV6
— Kapil Kumar (@kapilkumaron) February 16, 2023