Watch : සුපිරි පන්දු දෙකකින් පළමු පන්දුවාරයේ දී ම තුෂාර දවා ගත් කඩුලු දෙක

2024 ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ 12 වැනි තරගයේ දී විශීෂ්ඨ පන්දුවාරයක් යොමු කරමින් ගෝල් මාර්වල්ස් කණ්ඩායමේ පළමු කඩුලු දෙකම ඉනිමේ පළමු පන්දුවාරයේ දී ම දවා ගැනීමට දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්රීඩක නුවන් තුෂාර අද(9) සමත් වුණා.
දඹුල්ලේ දී ආරම්භ වූ තරගයේ පළමුව පන්දුවට පහරදුන් සික්සර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 8 ක් දැවී ලකුණු 160 ක් ලබා ගනිමින්.
චමිදු වික්රමසිංහ නොදැවී ලකුණු 56(34) ක් රැස් කළ අතර, පන්දු යැවීමේ දී කවිදු නදීෂාන් ලකුණු 16 කට කඩුලු 3 ක් දවා ගත්තා.
ගාලු පිළිතුරු ඉනිමේ පළමු පන්දුවාරයේ දී නුවන් තුෂාර විසින් නිරෝෂන් දික්වැල්ලගේ හා ටිම් සයිෆර්ට්ගේ කඩුලු දවා ගැනීමට සමත් වුණා.
දර්ශන පහතින් –
— cric sl (@cricslvideo) July 9, 2024