Watch : ශ්‍රී ලංකාව කරච්චියට ළගා වෙයි

පාකිස්තාන තරග සංචාරය ආරම්භ කරමින් අද පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මේ වන විට පාකිස්තානයේ කරච්චි නුවරට ළගා වී තිබෙනවා.
මෙම තරග සංචාරයේ දී දෙරටේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර 20යි 20 තරග 3ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි.
තරග සංචාරය ආරම්භ කරමින් පළමු 20යි 20 තරගය මැයි 24 වැනිදා කරච්චි හී දී පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.
තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය අවසන් වන්නේ මැයි 28 වැනිදායි.
ජූනි පළමු වැනිදා සිට 5 වැනිදා දක්වා තරග 3කින් යුත් එක්දින තරගාවලිය කරච්චි හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එක්දින තරගාවලිය අයි.සී.සී කාන්තා ශූරතාවලිය (ICC Women’s Championship) යටතට අයත් වනවා.
Warm welcome to the tourists 😊
Sri Lanka women team arrive in Karachi for the three T20Is and three ODIs against Pakistan women 🛬#PAKWvSLW | #BackOurGirls pic.twitter.com/o4Lcr3Qo7K
— PCB Media (@TheRealPCBMedia) May 19, 2022