Watch : මාර්වල්ස් ප්‍රබල ලකුණු සංඛ්‍යාවකට රැගෙන ගිය භානුකගේ 82(34)

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී විශිෂ්ඨ පිතිහරඹයක නිරත වෙමින් ගෝල් මාර්වල්ස් කණ්ඩායම ප්‍රබල ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට භානුක රාජපක්ෂ අද(21) සමත් වුණා.
ගෝල් මාර්වල්ස් හා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් මහා තරගය අද රාත්‍රී 7:30 ට ආරම්භ වුණේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී යි.
තරගයේ කාසියේ වාසිය දිනූ කිංග්ස් පිල පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව මාර්වල්ස් කණ්ඩායමට ලබා දුන්නා.
ඒ අනුව පිටියට පිවිසි ගෝල් මාර්වල්ස් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 184 ක් ලබා ගත්තා.
පවර්ප්ලේ අවස්ථාව නිමා වන විට ඔවුන් ලබා සිටියේ කඩුලු2 ක් දැවී ලකුණු 21 ක් පමණයි.
කෙසේ වෙතත්, අනතුරුව සටන්කාමී හා වේගවත් පිතිහරඹයක නිරත වීමට ටිම් සයිෆර්ට් හා භානුක රාජපක්ෂ සමත් වුණා.
සයිෆර්ට් පන්දු 37 කින් ලකුණු 47 ක් රැස් කළේ හයේ පහර 4 ක් හා හතරේ පහර 2 ක් සමගින්.
භානුක පන්දු 34 ක් පමණක් වැය කරමින් ලකුණු 82 ක් ලබා ගැනීම කැපී පෙනුණා. ඒ, හයේ පහර 6 ක් හා හතරේ පහර 8ක් සමගින්.
— cric sl (@cricslvideo) July 21, 2024