Watch : පිතිකරණයේ නිරතව සිටියදී රිෂාබ් පාන්ට් බංග්ලාදේශ පන්දු රකින්නන් සැකසූ හැටි

ඉන්දියාව හා බංග්ලාදේශය අතර චෙන්නායි හී දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි.
අද දිනයට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 3 ක් දැවී ලකුණු 81 ක් ලබා සිටි අතර, ඔවුන් කඩුලු 4 ක් දැවී ලකුණු 287 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා. ඒ අනුව බංග්ලාදේශයට තරගය ජය ගැනීම සදහා හිමිව ඇති ඉලක්කය ලකුණු 515 ක්.
ෂුබ්මන් ගිල් නොදැවී ලකුණු 119 ක් හා රිෂාබ් පාන්ට් ලකුණු 109 ක් රැස් කරමින් ඉන්දීය දෙවැනි ඉනිම ශක්තිමත් කළා.
මේ අතර, පිතිකරණයේ නිරතව සිටියදී රිෂාබ් පාන්ට් විසින් බංග්ලාදේශ පන්දු රකින්නෙකු රැදී සිටිය යුතු ස්ථානය සකස් කිරීමට ගත් හාස්‍යජනක අවස්ථාවක් ද දැක ගත හැකි වූ අතර, ඊට අදාළ වීඩියෝව මේ වන විටත් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් හුවමාරු වන ආකාරයක් දක්නට ලැබෙනවා.
Rishab Pant Setting Field fFor Bangladesh 😀#INDvBAN#RishabhPant #indvsbangladesh pic.twitter.com/NhrmszAQG0
— Pintu Kumar Mandal (@AITC__PINTU) September 21, 2024