Watch : පාකිස්තාන කණ්ඩායම ගාල්ලට ළගා වෙයි

ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවෙන් පාකිස්තාන කණ්ඩායම අද(14) කොළඹ සිට ගාල්ල නගරය වෙත පැමිණියා.(දර්ශන පහතින්)
තරග දෙකකින් යුත් මෙම ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට ද අයත් වනවා.
පළමු ටෙස්ට් තරගය එළඹෙන 16 වැනිදා සිට 20 වැනිදා දක්වා ගාල්ලේ දී පැවැත්වීමට නියමිතයි.
දෙවැනි ටෙස්ට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ජූලි 24 වැනිදා ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.
තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම සමග පාකිස්තාන කණ්ඩායම තෙදින පුහුණු තරගයකට ද කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගනයේ දී එක් වූ අතර, එම තරගය ජය පරාජයෙන් තොරවයි නිමා වුණේ.
ශ්‍රී ලංකා සංචිතය –
Dimuth Karunaratne (C), Pathum Nissanka, Oshada Fernando, Angelo Mathews, Kusal Mendis, Dhananjaya de Silva, Kamindu Mendis, Niroshan Dickwella (Wk), Dinesh Chandimal (Wk), Ramesh Mendis, Maheesh Theekshana, Kasun Rajitha, Vishwa Fernando, Asitha Fernando, Dilshan Madushanka, Prabath Jayasuriya, Dunith Wellalage, Jeffrey Vandersay
පාකිස්තාන සංචිතය:
Babar Azam (c), Mohammad Rizwan (vc, wk), Abdullah Shafique, Azhar Ali, Faheem Ashraf, Fawad Alam, Haris Rauf, Hasan Ali, Imam-ul-Haq, Mohammad Nawaz, Naseem Shah, Nauman Ali, Salman Ali Agha, Sarfaraz Ahmed (wicketkeeper), Saud Shakeel, Shaheen Afridi, Shan Masood and Yasir Shah
🎥 Pakistan Men's Cricket Team reached Galle for the first Test match which begins on 16 July.#SLvPAK pic.twitter.com/kLA5hXYTfo
— Sri Lanka Cricket 🇱🇰 (@OfficialSLC) July 14, 2022