Ultimate magazine theme for WordPress.

Watch : නයිට් රයිඩර්ස් පිලට එරෙහිව තීක්ෂණ දවා ගත් කඩුලු 3

බාර්බඩෝස් රෝයල්ස් පිල වෙනුවෙන් මහීෂ් තීක්ෂණ ලකුණු 26 කට බිද හෙලූ කඩුලු තුන අපතේ යවමින් මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගයෙන් රෝයල්ස් කණ්ඩායම පරදා කඩුලු දෙකක තියුණු ජයක් වාර්තා කිරීමට ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.

Bridgetown හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 156 ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස නයිට් රයිඩර්ස් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 8ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

තීක්ෂණ විසින් නයිට් රයිඩර්ස් ඉනිමේ පළමු පන්දුවෙන්ම සුනිල් නරායන්ගේ කඩුල්ල දවා ගැනීමට සමත් වූ අතර, සිය දෙවැනි පන්දුවාරයේ දී ඔහු ජේසන් රෝයි දවා ගැනීමට සමත් වුණා. තීක්ෂණ විසින් තම අවසන් පන්දුවාරයේ දී යි Shaqkere Parris ගේ කඩුල්ල දවා ගත්තේ.

තීක්ෂණ දවා ගත් කඩුලු තුන පහතින් –