Watch : දිමුත්ගේ දුවද්දී දැවී යාම

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී දිමුත් කරුණාරත්න අද (26) දුවද්දී දැවී යාමකට හසු වුණා.
දිනේෂ් චන්දිමාල් සමග සන්නිවේදනයේ දී සිදු වූ දුර්වලතාවයක් හේතුවෙන් ඔහු දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 46 ක්.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළ අතර, ශ්‍රී ලංකා පළමු ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙසයි දිමුත් දුවද්දී දැවී ගියේ.
ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන්ව තිබුණේ ලකුණු 124 ක් ලෙසයි.
දර්ශන පහතින් –
— cric sl (@cricslvideo) September 26, 2024